ඉවුම් පිහුම්

නෙළුම් අල කැනපි

අවශ්‍ය ද්‍රව්‍ය

නෙළුම් අල (විනාකිරෙන් පදම් කළ) පෙති 50

බටර් 50g

පාන් (අඟල් 1/2 ඝනකමට රවුම් කපා ටෝස්ට් කරගත්) 50g

ලොකු ගොටුකොළ 30g

කට්ට සම්බෝල අඬුකෝප්ප 1

 

සාදන ක්‍රමය

පළමුව පාන් රවුම්වල බටර් ගාගන්න.

ගොටුකොළ 1 බැගින් පාන් පෙති මත තබන්න.

ඊට උඩින් නෙළුම් අල පෙති 2ක් තබා ඒ මත කට්ට සම්බෝල ස්වල්පය බැගින් තබා පාවිච්චියට ගන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා