ඉවුම් පිහුම්

මෑකරල් අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය

මෑකරල් (ළපටි, කොළ පැහැති) 500g

අබ (විනාකිරෙන් අඹරාගත්) මේස හැඳි 3

රතුලූනු (සිහින්ව ලියාගත්) 50g

අමුමිරිස් (සිහින්ව දිගට ලියාගත්) කරල් 10

විනාකිරි අඬුකෝප්ප 1

සීනි මේස හැඳි 1

කහකුඩු තේ හැඳි 1/2

ලුණු තේ හැඳි 1

ගම්මිරිස් කුඩු තේ හැඳි 1

 

සාදන ක්‍රමය

මෑකරල් සුද්ද කර අඟල් 1/2 කැබලි කපාගන්න.

දැන් ඒවා විනාකිරෙන් උණුං ගස්සාගන්න.

ඉන්පසුව භාජනයකට අබ, සීනි, කහ, විනාකිරි ගම්මිරිස්, ලුණු, අමුමිරිස්, ලූනු දමා මිශ්‍ර කර රස බලා මෑකරල් කැබලි දමා දවසක් තිබෙන්න හැර පාවිච්චියට ගන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා