ඉවුම් පිහුම්

බටර් සහ පාන් පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය

පාන්පෙති 250g

බටර් 100g

කිරි 500ml

සීනි 75g

බිත්තර 4

වැනිලා තේ හැඳි 1

කජු 50g

සුල්තානා 50g

 

සාදන ක්‍රමය

පාන්පෙතිවල බටර් ගා වාටි කපා හරහට දෙකට කපාගන්න.

බිත්තර, සීනි සහ කිරි එකට කලවම් කර පෙරාගන්න.

පුඩින් බෝල් එකක් ගෙන පාන් එහි අසුරාගන්න.

සාදාගත් කිරි, සීනි, බිත්තර මිශ්‍රණය අතුරා ඇති පාන්වලට උඩින් වක්කරන්න.

කජු සහ සුල්තානා ඊට උඩින් දමන්න.

බටර් ටිකක් ඊට උඩින් දමාගන්න.

ඉන්පසු තැටියක් ගෙන මිශ්‍රණය එයට දමා එම තැටිය තවත් වතුර දමන ලද තැටියක් මත තබා උදුනක දමා උෂ්ණත්වය 170C-200C විනාඩි 40ක් පමණ බේක් කරගන්න.

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා