ඉවුම් පිහුම්

කේරල ක්‍රමයට උණ අඹ ගැට අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය:

* උණ අප ගැට 200g

* කෑලි මිරිස් මේස හැඳි 1

* මිරිස් කුඩු මේස හැඳි 1

* විනාකිරි මේස හැඳි 4

* සීනි මේස හැඳි 2

* අබ කුඩු මේස හැඳි 2

* තලාගත් ඉඟුරු මේස හැන්දක්

* තලාගත් සුදුළුෑණු බිකක්

* පොල් තෙල් මේස හැඳි 2

* ලුණු පදමට

අඹ ටික කෑලිවලට කපාගෙන විනාඩි තුනක් විතර උණු වතුරින් තම්බා ගන්න.

භාජනයක් අරන් ඒකට තෙල් මේස හැන්දක් එකතු කරන්න. තෙල් ටික රත්වීගෙන එනකොට මිරිස් කුඩු, මිරිස් කෑලි, විනාකිරි, සීනි, ලුණු සහ තම්බා ගත්තු අඹ ටික එකතු කරන්න. විනාඩි පහකට පස්සේ මිශ්‍රණය ලිපෙන් ඉවත් කරන්න.

තවත් භාජනයක් අරගෙන ඒකට සුදුළුෑණු, ඉඟුරු සහ ඉතිරි තෙල් මේස හැන්ද එකතු කරලා හොඳින් මිශ්‍ර කරන්න. දැන් මේ මිශ්‍රණයට අපි හදාගත්තු අඹ මිශ්‍රණයත් එකතු කරලා පැය 24 ක් විතර වහලා තියන්න. මේ අඹ අච්චාරුව දවස් හතක් විතර තියාගෙන කෑමට ගන්න පුළුවන්.

විධායක සූපවේදී ප්‍රසාන් විතානරණගේ

හොටෙල් ඔබ්ලු සිලෙක්ට් – මාලදිවයින