ඉවුම් පිහුම්

වරකා පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය

වරකා මදුලු 25

සීනි 150g

කස්ටඩ් පවුඩර් 50g

මාගරින් 30g

පිටි 50g

වියළි මිදි 50g

කජු (පොඩියට කැපූ) 50g

කිරි අඬුකෝප්ප 2

කුරුඳු පොතු කැබැල්ලක්

වතුර ස්වල්පයක්

 

සාදන ක්‍රමය

වරකා අඟල් 1/2 පළල තීරු කපාගන්න.

එයට කිරි, කුරුඳු, කජු, වියළි මිදි සහ සීනි 100gක් එක්කොට තම්බන්න.

එය උතුරන විට වතුරේ දියකරගත් කස්ටඩ් පවුඩර් කලවම් කර උකුවන තරමට දාන්න.

ඊට පසු එය බඳුනකට දමා පසෙකින් තබා පිටි, මාගරින් සහ ඉතිරි සීනි එක්කොට වැලි මෙන් කැටි ගසාගන්න.

දැන් එය සාදාගත් වරකා මිශ්‍රණය මත අතුරන්න.

පෝරණුවේ දමා පාට ගස්වාගන්න.

උදුනක් නොමැති නම් පළමුව වැලි මෙන් සාදාගත් මිශ්‍රණය සාස්පානක දමා පාට ගස්වා වරකා මිශ්‍රණයට උඩින් අතුරන්න.