ඉවුම් පිහුම්

මල් පෙති පපඩම්

අවශ්‍ය ද්‍රව්‍ය:

* මුස්සැන්ද මල් පෙති 20

* බිත්තර දෙකක්

* බිස්කට් කුඩු

* බැද ගැනීමට තෙල්

* පදමට ලුණු

* ගම්මිරිස් ස්වල්පයක්

 

බිත්තර දෙකට ලුණු, ගම්මිරිස් මිශ්‍ර කරලා හොඳින් කලවම් කරගන්න.

පිරිසිදු කරගත්තු මුස්සැන්ද මල් පෙති බිත්තර සාරුවේ දවටාලා බිස්කටු කුඩුවල තවරාගෙන රන්වන් පාට වනතුරු බැදගන්න.

විධායක සූපවේදී ප්‍රසාන් විතානරණගේ

හොටෙල් ඔබ්ලු සිලෙක්ට් – මාලදිවයින