ඉවුම් පිහුම්

බුත්සරණ අල කූලර්

අවශ්‍ය ද්‍රව්‍ය:

* බුත්සරණ අල 100g

* ඉඟුරු 20g

* කුරුඳු කුඩු 5g

* අවර්ණ පැණි බීම වර්ගයකින් කෝප්පයක්

* සීනි 500g

* අයිස් වතුර කෝප්ප 1/2

* අයිස් කැට දෙක තුනක්

 

බුත්සරණ අල ටික සුද්ද කරලා කැබලිවලට කපාගන්න.

බුත්සරණ අල ඉඟුරු සහ වතුර කෝප්ප 1/2 යි එකට හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.

බ්ලෙන්ඩර් කරගත්තු මිශ්‍රණය පෙරාගන්න. එයට පැණි බීම, සීනි සහ කුරුඳු කුඩු එකතු කරලා නැවතත් බ්ලෙන්ඩර් කරලා අයිස් කැට එකතු කරලා පිළිගන්වන්න.

 

විධායක සූපවේදී ප්‍රසාන් විතානරණගේ

හොටෙල් ඔබ්ලු සිලෙක්ට් – මාලදිවයින