ETI හිටපු අධ්යක්ෂ මණ්ඩලය රිමාන්ඩ්
එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI)ආයතනයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එහි හිටපු අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ ඔවුන් අද (09) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ඒ අනුව ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය නියෝග කළේය.
ETI ආයතනයේ සිදු වූ බව කියන රුපියල් බිලියන 6.4කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙම හිටපු අධ්යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට කර තිබේ.
