Latest News

Glow සමඟින් දීප්තිමත් වුණු Fashion Grandeur by Rozanne Diasz

ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ මෝස්තර නිරූපණ උපදේශිකා, රොසෑන් ඩයස් මහත්මිය විසින් සංවිධානය කර තිබූ Fashion Grandeur by Rozanne Diasz විලාසිතා හා මෝස්තර දැක්ම පසුගිය දා අති උත්කර්ෂවත් අන්දමින් Water’s Edge හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ.

ක්ෂේත්‍රයේ ප්‍රවීණ මෝස්තර නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් මෙන්ම, ඒ හා සම්බන්ධ අනෙකුත් ක්ෂේත්‍රයන්හි දැවැන්තයන් බොහෝ දෙනෙක් මේ සඳහා සහභාගී විය. මෙහිදී එකිනෙකට වෙනස් වූ විවිධ සංකල්පයන් ඔස්සේ සිසු සිසුවියන් ඉතා දක්ෂ අන්දමින් ඔවුන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කර තිබුණා. ඒ අතර c සම්මානය වෙනුවෙන් ගිම්හානි විසින් ඉදිරිපත් කළ සුන්දර නර්ථනය කාගේත් කතාබහට ලක් වුණා. මේ උත්කර්ෂවත් අවස්ථාව දීප්තිමත් කරන්නට Glow සම්බන්ධ වීම විශේෂත්වයක්.

Glow, ශ්‍රී ලංකා වෙළඳපොළෙහි ඇති සම සඳහාම වෙන්වූ එකම ආහාර පෝෂණ අතිරේකය වන අතර ප්‍රංශයේ Spin control ආයතනය පවා සහතික කොට ඇති වසර 17 ක් පුරා යුවතියන්ගේ විශ්වාසය දිනාගත් එකම නිශ්පාදනයයි.

Glow භාවිතා කිරීමෙන් even skin tone එකක් ලබා ගැනීමට වගේම සමෙහි පවතින අඳුරු පැහැ ලප කැලැල් අවම කර, දීප්තිමත් දිදුලන නිරෝගී සමක් ලබාගැනීමටත් හැකියාව ලැබෙනවා.

Fashion Grandeur ප්‍රසංගය සඳහා සහභාගී වූ, මින් පෙර Miss Sri Lanka කිරුළ දිනාගත් රූ රැජිණියන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ අදහස් Glow කණ්ඩායම සමඟ සුහදව පවසා සිටියා. එදා මෙන්ම අදටත් ඔවුන් නොනවත්වා විශ්වාසයෙන් Glow භාවිතා කරන බව දැන ගැනීම අපට සතුටට කරුණක්.