Latest News

විදෙස්ගත වන මව්වරුන්ට ගෙනා අලුත්ම නීති

වයස අවුරුදු දෙක නොඉක්මවූ දරුවන් සිටින මව්වරුන්ට රැකියා සඳහා විදේශගත වීමට අවසරය හිමි නොවන නව චක්‍රලේඛය කම්කරු හා විදේශ
රැකියා අමත්‍යාංශය නිකුත් කර තිබෙනවා.

විදේශගතවන කාන්තාවන්ගේ දරුවන්ගේ රැකවරණය සුරක්ෂිත කිරීම සඳහා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන
ලද කැබිනට් පත්‍රිකාවකට අනුව පසුගිය වසරේ චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා.

එය වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී කිරීමේ අරමුණින් පසුගිය මාර්තු මස 31 වනදා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 45 නොඉක්මවූ රැකියා සඳහා විදේශ ගතවන සියලු කාන්තාවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලැබීමට අදාළ වාර්තාව සම්පූර්ණ කළ යුතු වනවා.

එමෙන්ම අදාළ වාර්තාවට අනුව වසස අවුරුදු 18ට අඩු අවිවාහක දරුවන් සිටින, රැකියා සඳහා විදේශගත වන මව්වරුන් සිය දරුවන්ගේ රැකවරණය සහ අධ්‍යාපන අවශ්‍යතා සම්පූර්ණ කිරීම සම්බන්ධව විකල්ප වැඩපිළිවෙළක් තමන් පදිංචි ප්‍රදේශයට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතු වනවා.