Latest News

ළමා නිවාසයක පරිවාස භාරයේ සිටි දැරියන් දෙදෙනෙක් පලා යයි…

ගම්පොළ ළමා නිවාසයක පරිවාස නිලධාරීන් භාරයේ සිටි දැරියන් දෙදෙනෙකු ඉන් පලායාම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම ළමා නිවාසයේ පාලිකාව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි.

වයස අවුරුදු 15 ක පමණ දැරියක සහ වයස අවුරුදු 09 ක දැරියක මෙලෙස ඉන් බැහැරව ගොස් ඇති අතර ඔවුන් දෙදෙනා සහෝදරියන් බවයි පොලිසිය සඳහන් කළේ.

මහනුවර මහේස්ත්‍රාත් අධිකරණ විසින් ලබාදුන් නියෝගයකට අනුව මොවුන් පසුගිය 10 වනදා සිට පරිවාස භාරයට පත්කර තිබුණා.