Latest News

නිල නිවාස භාර දුන් හිටපු ජනපති බිරිඳ

හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට ලබාදී තිබු කොළඹ නිල නිවෙස වසර 30කට පසු ඇය රජයට පසුගිය 31 වනදා භාර දී තිබෙනවා.

ව්‍යවස්ථානුකූලව සෑම හිටපු ජනපතිවරයකුටම නිල නිවෙසක් හිමිවන අතර හිටපු ජනාධිපතිවරයකු මිය යෑමෙන් අනතුරුව එම නිවෙස ඔහුගේ බිරිඳට භාවිතා කිරීමට අයිතිය හිමිවනවා.

ඒ අනුව හේමා ප්‍රේමදාස මහත්මියටද ඒ පදනම අනුව රජයෙන් නිල නිවෙසක් හිමිව තිබුණා.

කෙසේවෙතත් ඇය මෙම නිවෙස භාවිතා කර නොමැති අතර හේමා ප්‍රේමදාස මහත්මිය ඇයගේ පෞද්ගලික නිවෙසේ පදිංචිව සිට තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව ඇය විසින් සිය නිල නිවෙස නැවත රජයට භාර දුන් බව සමගි ජන බලවේග පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර හේමා ප්‍රේමදාස මහත්මිය රජයේ නිල නිවෙසක් ලබා ගැනීම ඇතැම් දේශපාලන පක්ෂ ක්‍රියාකාරීහු පසුගිය දිනවල දැඩි ලෙස විවේචනය කර තිබුණා.