Latest News

ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීමට කාන්තා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

සංචාරය සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සහ නිලධාරීන් 10 දෙනෙකු මෙම සංචාරයට එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

මෙවර ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ” A ” කාණ්ඩය යටතේ තරඟ වැදීමට නියමිතයි.

මෙවර තරඟාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පෙරබවාරි මස 10 වනදා පැවැත් වෙනවා.