ඉවුම් පිහුම්

කොස් මදුලු සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

කොස් මදුලු (තරමක් පැසුණු) 25

තක්කාලි 50g

ලොකුලූනු 30g

මාලුමිරිස් කරල් 2

අමුමිරිස් කරල් 2

උම්බලකඩ කැබලි තේ හැඳි 2

කොත්තමල්ලි ​කොළ මේස හැඳි 1

එළවලු තෙල් අඬුකෝප්ප 1

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2

දෙහි යුෂ තේ හැඳි 1

ලුණු තේ හැඳි 1/2

 

සාදන ක්‍රමය

කොස් මදුලු ඇට ඉවත් කර සෝදා තීරු කපා ගැඹුරු තෙලේ බැදගන්න.

ලොකු ලූනු, අමුමිරිස්, කොත්තමල්ලි කොළ සිහින්ව ලියාගන්න.

තක්කාලිවල සහ මාලුමිරිස්වල ඇට ඉවත් කර සිහින් තීරු කපාගන්න.

ලොකු ලුනු, අමුමිරිස්, ගම්මිරිස්, උම්බලකඩ කුඩු, ලුණු, දෙහි යුෂ හොඳින් අනාගන්න.

එයට තක්කාලි, මාලුමිරිස් සහ කොත්තමල්ලි කොළ එකතු කරන්න.

බැදගත් කොස් මදුළු තීරු දමා සලාද දීසියකට අතුරන්න.