ඉවුම් පිහුම්

පොල් පැණියෙන් කොණ්ඩ කැවුම්

අවශ්‍ය ද්‍රව්‍ය : –

*සුදු කැකුළු හාල්පිටි 1kg ක්

*පොල්තෙල් බෝතල් 1 ක්

*පොල් පැණි කෝප්ප 3 ක්

*සීනි මේස හැඳි 1 ක්

*ලුණු කුඩු තේ හැඳි 1ක්

 

සාදාගන්නා ආකාරය :-

මුලින්ම භාජනයකට හාල්පිටි දාලා පැණි, සීනි, ලුණු දාලා අතින් හොඳවැයින් අනාගන්න. හොඳට පදම් වුණාට පස්සේ උණුවතුර, පාන්පිටි එහෙම එක්කාහු කරලා හැන්දකින් හැඳිගාන්න. තාච්චිය ලිපේ තියලා තෙල් පැහුණට පස්සේ මිශ්‍රණෙන් මේස හැන්දක් හීන්සීරුවේ තාච්චියට වක්කරන්න. පස්සේ ඉරට්ටක් අරගෙන කැවුමේ කොණ්ඩෙ මුදුන් කරගන්න. එක අතකින් තෙල් හැන්දෙන් කැවුමට තෙල් ඉහින ගමන් අනිත් අතින් කැවුම මැදට ඉරටුව තියලා කරකවන්න. මුලදි වැඩේ අමාරු වුණාට ටිකක් පුරුදු වෙනකොට කොණ්ඩේ කැවුම ගන්න අමාරු වෙන්නේ නැහැ.