ඉවුම් පිහුම්

කොණ්ඩ කැවුම්

අවශ්‍ය ද්‍රව්‍ය

හාල්පිටි 250g

තිරිඟු පිටි 50g

පැණි අඬුකෝප්ප 1

සීනි 50g

මාදුරු (තලාගත්) තේ හැඳි 1/2

බැදීමට තෙල් 1/2L

 

සාදන ක්‍රමය

භාජනයකට හලාගත් හාල්පිටි, තිරිඟුපිටි, සීනි සහ පැණි දමා තරමක් ඝන මිශ්‍රණයක් සාදාගෙන පැය 1/2ක් තබන්න.

කුඩා තාච්චියක් ගෙන ලිප තබා තෙල් ස්වල්පයක් දමා තරමක් රත් කරගන්න.

පිටි මිශ්‍රණය අඬුකෝප්පයකට ගෙන හැන්දක ප්‍රමාණයක් රත්වූ තෙලට වත්කරන්න.

වත්කරන අතරතුර හැන්දෙන් වටේට තෙල් ඉසින්න.

උල්කරගත් කෝටුවක් ගෙන මිශ්‍රණයේ මැදට තබා සිදුරක් සාදමින් අමු පිටි එළියට එන පරිදි කෝටුව කරකවමින් තෙල් ඉසින්න.

හැන්දේ පිට පත්තෙන් හා කෝටුව ආධාරයෙන් කැවුමේ කොණ්ඩය සාදාගන්න.

රන්වන් පැහැයට බැදගත් පසු තෙල් බේරා තාච්චියෙන් ඉවත් කරගන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්‍රවර්ධක අධ්‍යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි

 

සම්බන්ධීකරණය

ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා