Health

තනිකම නිසා ඇතිවන ජීවිත අවධානම දිනකට දුම්වැටි 15ක් බොනවට සමානයි

Covid වසංගතයෙන් පසු දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය තවත් ගෝලීය වසංගතයක් ගැන අනතුරු අඟවා තිබේ. මෙම වසා වසංගතය නම් තනිකම සහ සමාජ හුදකලාභාවය පිළිබඳ වසංගතයකි. මිනිසුන් තුළ පවතින තනිකම සහ හුදකලාභාවය මෙකල ඉතා සුලබ තත්වයක් තත්ත්වයක් බවට පත්ව ඇති බවත් නිසා මතු වන බොහෝ සෞඛ්‍ය ගැටලු වසංගතයක් මෙන් පැතිරෙමින් ඇති බවත් එම සංවිධානයේ විශේෂඥයෝ පෙන්වා දෙති. මෙම තත්ත්වය තුළ තනිකම සහ හුදෙකලා භාවයට වහා පිළියම් සෙවිය යුතු ගෝලීය සෞඛ්‍ය තර්ජනයක් ලෙස නම් කිරීම්ට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ.

මෙම ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීමට සහ විසඳුම් සකස් කිරීමට විශේෂ ජාත්‍යන්තර කොමිසමක් පත්කිරීමටද පසුගිය සතියේ පියවර ගැනිණි. එය සමාජ සම්බන්ධතා පිළිබඳ කොමිසම යනුවෙන් නම් කර තිබේ. මිනිසුන් අතර සමාජ සබඳතා වැඩි දියුණු කිරීිමට ඉවහල් වන ප්‍රතිපත්ති හඳුන්වාදීම ද මෙම කොමිසම වෙත පැවරී ඇති විශාල කටයුත්තකි. තනිකම සහ හුදෙකලා භාවය නිසා කෙනෙකු මුහුණ දෙන ජීවිත අවදානම දිනකට දුම්වැටි 15ක් පානය කරන කෙනෙකු මුහුණදෙන ජීවිත අවදානමට සමාන බව ද පසුගියදා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු වාර්තාවක සඳහන්ව තිබිණි.

මෙම ගැටළු වලින් පීඩා විඳින අය විවිධ කායික සහ මානසික රෝග වලට ගොදුරු වීමට විශාල ඉඩකඩක් පවතින අතර ඔවුන් අකල් මරණවලට මුහුණදීමට ද වැඩි ඉඩකඩක් තිබේ. ආඝාතය, අධි රුධිර පීඩනය, ඩිමෙන්ෂියාව, ප්‍රතිශක්තිය හීන වීම වැනි තත්ත්වයන් මෙවැනි පුද්ගලයන් අතර බහුලව දැකිය හැකි බව අනාවරණය වී තිබේ. එමෙන්ම විෂාදය සහ කාන්සාව වැනි මානසික ආබාධ වලටද ඔවුහු විශාල ලෙස ගොදුරු වෙති. මෙවැනි අය අතර සියදිවි නසා ගැනීම් ද බොහෝවිට දැකිය හැකි වේ.

තනිකමෙන් පෙළෙන අය ආඝාතයට ගොදුරු වීමට ඇති ඉඩ ඉඩකඩ 30% කින් පමණ ඉහළ යන බවත් ඩිමෙන්ෂියාවට ගොදුරුවීමට ඇති ඉඩ 50% කින් පමණ ඉහළ යන බවත් අධ්‍යනයන්ගෙන් හෙළි වී ඇත. තනිකම් හුදකලා බව නිසා පීඩාවිඳින උදවිය මත්පැන් පානය සහ දුම්පානය වැනි හානිකර පුරුදු වලට ඇබ්බැහි වීමටද වැඩි ඉඩ කඩක් ඇත. එමෙන්ම ඔවුහු අලස, ක්‍රියාශීලී නොවන ජීවිත ගත කිරීම්ට ද වැඩි නැඹුරුවක් දක්වති. තනිකම සහ සමාජ හුදකලාභාවය වහා අවධානය යොමු කළ යුතු ගෝලීය සෞඛ්‍ය‍ය තර්ජනයක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගන්නේ ඉහත කී සෞඛ්‍ය ගැටය ගැටළු වසංගතයක් සේ වඩාත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති පසුබිම්ක් තුළය.

මෙම ගැටළලු විසඳී විසඳීම සඳහා දිය පියවර ගැනීමටත් පත් කර ඇතකර ඇති විශේෂ ජාත්‍යන්තර කොමිසම සාමාජිකයින් 11 දෙනෙක් ගෙන් සමන්විත වන්නකි. ඇමරිකාවේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය විවේක් මූර්ති සහ අප්‍රිකානු සංගමයේ තරුණ කටයුතු පිළිබඳ විශේෂ නියෝජිත චිදෝ ම්පෙම්බා යන විශේෂඥයෝ දෙදෙනා මෙහි සම සභා සභාපතිවරුන් ලෙස කටයුතු කරති. මේ දෙදෙනාම තනිකම් සහ සමාජ හුදෙකලා බව පිළිබඳව කලක් තිස්සේම අධ්‍යනයන් කරමින් සිටිනා විශේෂඥයන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාට අමතරව සිම්බාබ්වේ, පාකිස්තානය, ස්වීඩනය, ජපානය, චිලී, මොරොක්කෝ යන රටවල් නියෝජිතයින් ද මෙයට ඇතුළත් වේ.