Latest News

කාන්තාවක් අධික මුදලකින් යුත් ලොතරැයි ජයග්‍රහණයක් හිමිකර ගනියි

ලොතරැයියකින් ඩොලර් මිලියන 40ක මුදලක් දිනාගත් කාන්තාවක් පිළිබඳව පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

එරට ජැක්පොට් ලොතරැයියකින් මෙලෙස දැවැන්ත මුදලක් දිනාගැනීමට සමත්ව ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවක් විසින්.

මේ අතර අදාළ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇයට ලැබුණු මුල් දැනුම්දීම ඇය විශ්වාස නොකළ බවද එරට මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී ඇය පවසා ඇත්තේ, මෙය වංචාවක් සිදුකිරීමට ලැබුණු ඇමතුමක් ලෙස සිතූ බවයි.

සිය අනන්‍යතාව හෙළිකිරීමට අකමැති වූ එම කාන්තාව වැඩිදුරටත් පවසා ඇත්තේ, තමන් එම ජයග්‍රාහී මුදලින් උකස් ණය ගෙවාදමන බවයි.

එසේම සිය රැකියාවෙන් ඉවත් වී සිය පවුලේ සාමාජිකයින් සමග වැඩිකාලයක් ගතකිරීමට බලාපොරොත්තු වන බවද ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.

මෙම වසර තුළ මේ දක්වා කාලය තුළදී එරට ජයග්‍රහණය කර වැඩිම ජයමල්ල එය බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටිනවා.