Latest News

පිළිකා රෝගය පැරදු දියණියට සුපිරි ලොතරැයි ජයක්

දරුණු පිළිකා රෝගයකින් පෙළුණු සිය දියණිය රෝහලෙන් නිවස කරා රැගෙන යන අතරතුර සුපිරි ලොතරැයි ජයක් ලැබූ කාන්තාවක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ පුවත වාර්තා වන්නේ අමෙරිකාවේ ලේක්ලන්ඩ් ප්‍රදේශයෙන්.

Geraldine Gimblet නමැති කාන්තාව සිය දියණිය රෝහලේ සිට නිවස කරා රැගෙන යමින් සිටියදී මෙම ලොතරැයිය මිලදීගෙන තිබෙනවා.

මෙම ලොතරැයියෙන් ඇයට හිමිව ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 2 ක්.

ඇය ඒ වනවිටත් සිය දියණිය වෙනුවෙන් සියලුම වත්කම් වියදම් කර තිබුණා.

අනතුරුව එම දියණිය වෙනුවෙන් සිදුකළ අවසන් වෛද්‍ය සත්කාර ලබාදී පිළිකාව පරාජය කර බවට තහවුරු කරගෙන සිය නිවස කරා යමින් සිටියදී මෙම වාසනාවට ඇයට උදාවී තිබෙනවා.