News

LTTE රැඳවියන් 16 කට කොවිඩ්

කොළඹ මැගසින් බන්ධනාගාරයේ පසුවෙන එල්. ටී. ටී. ඊ. සිරකරුවන් 16 දෙනකුට කොරෝනා රෝගය වැලඳී ඇති බවට තහවුරු වී ඇත.

බන්ධනාගාරයේ සිටින එල්. ටී. ටී. ඊ. සිරකරුවන් 70කුට පමණ පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කර ඇති අතර එම පරීක්ෂවල ප්‍රතිපල අනුව මෙම වෛරස් ආසාදිත රැඳවියන් හඳුනා ගෙන ඇත.

මෙම කොටි රැඳවියන් අතර හිටපු කොටි නායකයින් පවා සිටින අතර එම රෝගීන්ට දැඩි ආරක්‍ෂාවක් ලබා දීමට කටයුතු කළ බව බන්ධනාගාර ආරංචිමාර්ග කියයි.

මෙම සිරකරුවන් පිට පළාත් බන්ධනාගාරවලට මාරු කිරීමට මෙතෙක් කිසිදු අදහසක් නොමැති අතර මෙම සිරකරුවන් ප‍්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමු කළ බව බන්ධනාගාර ආරංචිමාර්ග කියයි.