Latest News

තිරසාරත්වය සඳහා වූ කැපවීම වෙනුවෙන් ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී MAS Holdings සම්මාන රැසකට පාත‍්‍රවෙයි

දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ නිෂ්පාදකයා වන MAS Holdings , පරිසරය සුරැකීම සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ ආදර්ශමත් කැපවීම උදෙසා 2021 – 2022 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඇගයීමට ලක්විය. පරිසර අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල 2023 අප්‍රේල් 28 වන දින ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

පරිසර සංරක්ෂණය, පරිසර හිතකාමී කර්මාන්තයක් ගොඩනැගීම සහ පරිසර හිතකාමී ක‍්‍රියාකාරකම් සඳහා සමාජය දිරිමත් කිරීමට දක්වන සුවිශේෂී දායකත්වය අගයමින් MAS Holdings රන් සම්මාන දෙකකින්, ලෝකඩ සම්මානයකින් සහ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය.

MAS Holdings හි උපාය මාර්ගික ව්‍යාපාරික ඒකකයක් වන Bodyline, ඇඟලූම් ක්ෂේත‍්‍රයේ තිරසාර පැවැත්මට ඔවුන් දක්වන කැපවීම වෙනුවෙන් ඇඟලූම් කර්මාන්ත අංශයේ රන් සම්මානය දිනාගත් අතර එය ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ප‍්‍රදානය කරන ලදී. මෙම ජයග‍්‍රහණය මගින් වර්තමාන පාරිභෝගිකයාගේ වෙනස් වන අවශ්‍යතාවලට සරිලන පරිදි ඔවුන්ගේ සෘණාත්මක පාරිසරික බලපෑම අවම කිරීමට සහ ඔවුන්ගේ නිෂ්පාදන නිර්මාණ ක‍්‍රියාවලිය තුළ දී තිරසාර විකල්ප සොයා ගැනීමට Bodyline හි කැපවීම ඉස්මතු කරයි.

MAS හි Warp knit විසඳුම් සපයන්නා වන Noyon Lanka (Pvt) Ltd., පාරිසරික තිරසාරභාවය සඳහා ඔවුන්ගේ දායකත්වය වෙනුවෙන් රෙදිපිළි සහ රෙදිපිළි සැකසුම් කර්මාන්ත අංශයේ රන් සම්මානය හිමිකර ගත්තේය. වසර ගණනාවක් පුරා, Noyon Lanka විසින් නව්‍ය නිෂ්පාදන විසඳුම් තුළින් සෘණාත්මක පාරිසරික බලපෑම අවම කිරීම සඳහා ක‍්‍රියාවලි ප‍්‍රශස්තකරණයන් සහ සංවිධානය තුළ තිරසාර සංස්කෘතියක් මෙහෙයවීමේ නායකත්ව කැපවීම තුළින් තිරසාර ව්‍යාපාරික ආකෘති සඳහා වූ සිය කැපවීම තහවුරු කර ඇත.

සිය මෙහෙයුම් සහ ප‍්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන් තුළින් පරිසරයට සිදුවන සෘණාත්මක බලපෑම අවම කර ගැනීමට ගත් මුලපිරීම් වෙනුවෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අනිල් ජයසිංහ මහතාගේ සුරතින් MAS Active Contourline හට ලෝකඩ සම්මානය හිමි විය. මිහින්තලේ MAS KREEDA වසර ගණනාවක් පුරා පරිසර සංරක්ෂණය සඳහා ඔවුන්ගේ අඛණ්ඩ දායකත්වය ලබාදෙන අතර ඒ වෙනුවෙන් කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය. ඒ තුළින් MAS හි සමූහ තිරසාර උපාය මාර්ගයේ කොටසක් ලෙස ජෛව විවිධත්වය වෙනුවෙන් වූ MAS Plan for Change හි කැපවීම් පිළිබිඹු කරයි.

මෙම ඇගයීම් පිළිබඳව අදහස් දක්වමින් MAS Holdings හි සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී සුරේන් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ, ”නිවැරදි දේ කිරීමේ පදනම මත MAS ගොඩනැගුණු අතර, තිරසාරත්වය යනු අපගේ සංවිධානය සහ අපගේ උපායමාර්ගික ව්‍යාපාරික ඒකක හරහා මෙහෙයවන ප‍්‍රධානතම උපායමාර්ගික ප‍්‍රයත්නයක්. තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අපගේ කණ්ඩායමේ නොපසුබට උත්සාහය සහ නොසැලෙන කැපවීමෙහි සාක්ෂියක් වන මෙම ඇගයීම් සම්බන්ධයෙන් අපි ඔවුන්ට කෘතඥ වෙනවා. පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව වගකීමක් පෞද්ගලික ව්‍යාපාර වලට ද ඇති අතර අපි සැමවිටම උත්සාහ කරන්නේ මෙම ගමනේදී තවදුරටත් ඉදිරියට යාමටයි. අද වන විට MAS නිෂ්පාදන, ජීවිත සහ මිහිතලය යන අංශ තුන යටතේ තිරසාර වෙනසක් ඇති කිරීම උදෙසා කැපවී සිටිනවා.” යනුවෙනි.

ජනාධිපති පරිසර සම්මාන ශ‍්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණ හා ආරක්ෂණ ක්ෂේත‍්‍රයේ කීර්තිමත්ම ඇගයීමයි. මෙම සම්මාන දිනා ගැනීම තිරසාර අනාගතයක් ගොඩනැගීම සඳහා MAS Holdings දරණ උත්සහයට සාක්ෂි සපයන අතර, MAS Plan for Change හරහා කරන ලද කැපවීම් තවදුරටත් ශක්තිමත් කරයි.

MAS Holdings පිළිබඳව:

දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ සමාගම වන MAS Holdings ඇඟලූම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ වඩාත්ම පිළිගත් නිර්මාණ-බෙදාහරින්නා වේ. මෙහි 118,000 කට අධික පිරිසක් සේවය කරයි. අද වන විට MAS රටවල් 17 ක් පුරා විලාසිතා සඳහා ප‍්‍රමුඛත්වයක් ගන්නා ස්ථානවල පිහිටුවා ඇති නිෂ්පාදන කර්මාන්තශාලා හරහා තම නිෂ්පාදන සිදු කරනු ලබයි. ඇඟලූම් තාක්ෂණය, FemTech, start-ups, සැපයුම් සංවිධානය සහ ලොව පුරා විහිදුණු ඇඟලූම් උද්‍යාන ආදිය තුළින් MAS සන්නාමය වේගවත් ලෙස පුළුල් වී ඇත. වසර 35ක් පුරා, MAS එහි සදාචාරාත්මක සහ තිරසාර සේවා පරිසරය මෙන්ම එහි ශිල්පීයත්වය සහ නිෂ්පාදන විශිෂ්ටත්වය වෙනුවෙන් ජාත්‍යන්තර ගෞරවයට පාත‍්‍ර වී ඇත. අද වන විට MAS නිෂ්පාදන, ජීවිත සහ මිහිතලය යන අංශ තුන යටතේ තිරසාර වෙනසක් ඇති කිරීම උදෙසා කැපවී සිටියි. මෙම මුලපිරීම් හරහා MAS හි අරමුණ වන්නේ සියලූම සේවා නියුක්තිකයින්, සිහිනයන් බලගන්වමින් ජීවන වියමන සාරවත් කරන වෙනස්කරුවන් බවට පත්කිරීමට දිරිගැන්වීමයි.