ඉවුම් පිහුම්

මසාලා කෝපි

අවශ්‍ය ද්‍රව්‍ය:

* Fresh Milk/නැවුම් කිරි කෝප්ප 2ක්
*ටින්කිරි/මිල්ක්මේඩ් තේ හැඳි 2ක්
*ක්ෂණික කෝපි තේ හැඳි 2ක් හෝ කෝපි තේ හැඳි 1ක්
*සීනි තේ හැඳි 4-5ක්
*කරාඹුනැටි 2-3ක්
*එනසාල් කරල් 5ක්
*අඟලක පමණ කුරුඳු පොත්තක්

සාදන ක්‍රමය:
මුලින්ම කිරි සහ මිල්ක්මේඩ් එකට මුසු කර රසවත් කිරි මිශ්‍රණයක් හදා ගන්න. දැන් එය පිරිසිදු සාස්පානකට දමා රත් කරන්න.

දැන් වෙනම කුඩා සාස්පානකට වතුර කෝප්ප කාලක් දමා රත් කරන්න. එය රත් වෙද්දී එයට කරදමුංගු, කරාබු නැටි සහ කුරුඳු පොතු දමන්න. මදගින්නේ විනාඩි 3ක් පමණ රත් කරන්න. කුළුබඩු රසය හොඳින් වතුර වලට ආ පසුව එයට කෝපි හැන්ද දමන්න. හොඳින් මිශ්‍ර කර තවත් විනාඩියක් රත් කර ලිපෙන් බා ගන්න.

දැන් උතුරාගෙන එන කිරි ටිකට මේ කෝපි ටික පෙරා දමන්න. හොඳින් මිශ්‍ර කරන්න. ළිපෙන් ඉවතට ගෙන සීනි මිශ්‍ර කරන්න. ලස්සන මග් දෙකකට දමා පිළිගන්වන්න.

*මෙම ප්‍රමාණයන් කෝප්ප 2ක් සඳහායි.
* මේක හදන්න සාමාන්‍ය කෝපි ගන්නවා නම් වතුර කෝප්ප කාලක් ලිපේ තියලා ඒකට කුළු බඩු හා කෝපි දාලා විනාඩි කිහිපයක් තම්බන්න. කිරි ටික වෙනම උතුරවා ගන්න. ඊට පස්සෙ කෝපි මිශ්‍රණය පෙරලා උතුරන කිරි එකට එකතු කරන්න.
* මසාල කෝපි කිරි පිටිවලින් හදන්නත් පුළුවන්…
*ඒ වගේම කිරි පමණක්ම හෝ මිල්ක්මේඩ් පමණක්ම යොදා ගෙන හදාගන්නත් පුළුවන්…
* කිරි පමණක්ම යොදා ගන්නව නම් වතුර දාන්න එපා.
* මිල්ක්මේඩ් පමණක්ම ගන්නවනං මිල්ක්මේඩ් තේ හැඳි 6ක් වතුර කෝප්ප එකහමාරක පමණ දිය කරගෙන ගන්න.