News

MCC අත්හිටුවයි

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 480ක දීමනාව අත්හිටුවීමට මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC)තීරණය කරඇති බව වාර්තා වේ.

පසුගිය අඟහරුවාදා රැස් වූ MCC අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශය අද (17) නිකුත් කිරීමට නියමිතයි.