ඉවුම් පිහුම්

මී වද කැවුම්

මී වද කැවුම්

 

අවශ්‍ය ද්‍රව්‍ය

උණු කොණ්ඩ කැවුම් 25

පැණි​ බෝතල් 2

තුනී මැටි මුට්ටි 1

 

සාදන ක්‍රමය

භාජනයක් ලිප තබා පැණි දමා තරමක් උකුවනතුරු උණුකරගන්න.

මැටි මුට්ටිය ගෙන හිදැස් වැහෙනතුරු කැවුම් තැන්පත් කරගන්න.

උණු කරගත් පැණි ඊට උඩින් වත්කරගන්න.

ඉන්පසු මුට්ටිය සෙමින් සෙමින් කරකවමින් මුට්ටිය පතුලේ ඇති පැණි කැවුම්වලට උරාගන්නා ලෙසට සලස්වන්න. (අඩියේ මිදීමට නොදී)

ඉන්පසු කොළපතක්/කෙසෙල් කොළයක් හෝ ෆොයිල් කොළයක් ගෙන මුට්ටියේ කට වසා බැඳගන්න.

දින 3ක් තබන්න.

කට වසාගත් කොළය ඉවත් කර පිඟානක් ගෙන ඒ මතට මුට්ටියේ කට යටට සිටින සේ හරවා මුටිටිය හරි මැදින් දෙබෑ කරගන්න.

හොඳින් පැණි උරාගත් කැවුම් මී වදයක් ආකාරයට දිස්වේ.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය
ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා