Latest News

ප්‍රථමවරට කාන්තාවක් සඳ තරණයට එක්වෙයි

නාසා ආයතනය වසර 50 කට පසුව සිදු කිරීමට නියමිත සඳ තරණ මෙහෙයුම සඳහා ගගනගාමීන් නම් කර තිබෙනවා.

ගගනගාමීන් 4 දෙනෙකුගෙන් යුතු මෙම කණ්ඩායමට කාන්තාවක් සහ අමෙරිකානු කළු ජාතිකයෙකු ඇතුළත් වීම විශේෂත්වයක් වනවා.

මෙලෙස නම් කර ඇති කණ්ඩායම වනුයේ, රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා හැමෝක් කොෂ් සහ ජෙරමි හැන්සන් යන පිරිසයි.

ඒ අනුව සඳ තරණ මෙහෙයුමක් සඳහා සම්බන්ධ වන ප්‍රථම කාන්තාව ලෙස “ක්‍රිස්ටිනා හැමෝක් කොෂ්” ඉතිහාසයට එක්වනවා.

නාසා ආයතනයේ ‘ආටෙමිස් ටූ’ මෙහෙයුම හරහා මෙම කණ්ඩායම 2024 වසරේ අග භාගයේදී සඳ කරා ගමන් කිරීමට නියමිතයි.

1972 වර්ෂයේ ඇපලෝ 17 මෙහෙයුමෙන් අනතුරුව නාසා ආයතනය ගගනගාමීන් කණ්ඩායමක් නැවත සඳ වෙත යවා නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වසර 50 කට පසු සිදු කෙරෙන මෙම මෙහෙයුම හරහා නැවතත් ගගනගාමීන් සඳ මතුපිටට රැගෙන යාම නාසා ආයතනයේ අරමුණ වනවා.