PCR වාර්තා එන්න කලින් හොරෙන් ගමේ ගිහින්
මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් නෝටන්බ්‍රිජ්, ඔස්බොන් වතුයායේ, මිඩ්ෆෝඩ් කොටසෙන් ඊයේ (17 වැනිදා) දින කොරෝනා ආසාදිතයෙක් සොයාගෙන ඇත.
36 හැවිරිදි මෙම ආසාදිතයා කැලණිය පෙතියාගොඩ සීනි ගබඩාවක සේවය කරමින් සිටියදී පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇති බවත්, එහි වාර්තාව ලැබීමට ප්‍රථම මොහු නොදන්වා නෝටන්බ්‍රිජ් මිඩ්ෆෝඩ් ප්‍රදේශයට පැමිණ සිටියදී සිදු කළ පරීක්ෂණයේදී කොරෝනා රෝගියෙක් බවට සනාථ වී ඇති බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙම පුද්ගලයා නෝටන්බි්රජ් ප්‍රදේශයේ ඇසුරු කළ පුද්ගලයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ලබා ගැනීමට කටයුතු කළ බවත්, ආසාදිත රෝගියා ඊයේ (17)රෝහල් ගත කිරීමට පියවර ගත් බවත් මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍යනිලධාරි කාර්යාලය වැඩිදුරටත් පවසයි.
චන්දන ජයවීර – හැටන්
