News

PCR කරන්න ඇවිත් පෙත්තක් දීලා ගේත් සුද්දකරන් ගිහින්

මහව පොලිස්වසමේ කැත්තපහුව ප්‍රදේශයේ නිවසකට පැමිණි තිදෙනෙකුගෙන් සමන්විත සොර කණ්ඩායමක් PCR පරීක්ෂණ කරන මුවාවෙන් නිවැසියන්ට පේනවා පවුම් තුනහමාරක පමණ ස්වර්ණාභරණ කොල්ලකා පලාගොස් ඇත.

ඊයේ (29) සවස 3.30 පමණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පවසා ඔවුන් එම කොල්ලය සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරනවා

පසුව කල සොයා බැලීම් වලදී අනාවරණය වී ඇත්තේ PCR පරීක්ෂණ සිදුකළ යුතු බව පවසා යම් බෙහෙත් පෙත්තක් අදාළ නිවැසියන්ට පානය කිරීමට සැලැස්වීමෙන් පසු එම මංකොල්ලය සිදුකර කර ඇති බවයි.

පෙත්ත පානය කිරීමෙන් අනතුරුව සිදුවු කිසිවක් නිවැසියන්ට මතක නොමැති බව නිවැසියන් සඳහන් කරන අතර නිවැසියන්ට පියවි සිහිය එළඹ ඇත්තේ අද උදැසන බව පැවසේ .