PCR පරීක්ෂණ සඳහා බාධා
පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාවය වැඩිකිරීමට රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින් බරපතළ උත්සාහයක් ගනු ලැබුවද ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් සහ ආයතන ප්‍රධානීන් හිතාමතා ඊට බාධා ඇති කරන බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවි කුමුදේශ් කීවේය.
පසුගිය 17 වැනිදා අප පුවත්පතේ 05 වැනි පිටුවේ පළවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන රවී කුමුදේශ් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් කිසිදු අමතර දීමනාවක් හෝ වරප්‍රසාද නොලබා ස්වේච්ඡාවෙන් කොරෝනා මර්දනයට අවශ්‍ය පී.සී. ආර්. පරීක්ෂණ සිදුකරන බවද සඳහන් කළේය.
නමුත් සෞඛ්‍ය සේවාවේ සිටින ඇතැම් පාර්ශ්වයන්ගෙන් එල්ලවන බාධා ඉවත් කළ යුතුව ඇතැයිද හෙතෙම කීවේය.
ජාතික ව්‍යසනයකදී පෞද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීමට, තනතුරේ බලතල අවභාවිත කරන ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් සහ ආයතන ප්‍රධානීන් සම්බන්ධ විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඔහු සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියි.
