News

PCR වලට බාධා කරන රසායනාගාර විද්‍යාඥයන්ට විනය ක්‍රියාමාර්ග

පී.සී.ආර්. රසායනාගාර කටයුතු සඳහා අනවශ්‍ය බාධා ඇතිකරන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු යැයි පෙන්වාදෙමින් රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහට ඊයේ (16 ) ලිපියක් ඉදිරිපත් කර ඇත.

එම ලිපියෙන් පෙන්වා දෙන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ, ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය ජයන්ති ඇල්විටිගල සහ නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ. ලතාහරන් ඇතුළු පිරිස එම බාධා කිරීම් සිදුකරන බවයි.

ජාතික ව්‍යසන අවස්ථාවකදී පවා සිය පෞද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීමට උත්සාහ දරන මෙවැනි නිලධාරීන් සේවයෙන් මුදාහැරීමට කඩිනමින් කටයුතු කළ යුතු බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

චාමර පල්ලේගෙදර