PCR කරන්න ගිය රෝග මර්දන සහායකයට කොවිඩ්
මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන සේවකයෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
කළුපහන ප්‍රදේශයේ පදිංචි මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පී.සී.ආර්.පරීක්‍ෂණ සිදුකිරීමේ කණ්ඩායමේ කටයුතු කල රෝග මර්දන සහායකයෙකුට මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වැඩිවීමත් සමග එම කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් තුනක් හුදකලා කරනු ලැබූහ.
එම ප්‍රදේශ වල සහ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්.පරීක්‍ෂණ සිදුකිරීම මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායම් ලෙස අදාළ ප්‍රදේශ වලට ගොස් සහ මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී සිදුකළහ.
මෙසේ එම පී.සී.ආර්.පරීක්ෂණ සඳහා සහභාගී වූ රෝග මර්දන සහායකයෙකු ලෙස කටයුතු කල පුද්ගලයෙකුට මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවීමත් සමග මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවයේ නියුතු සියලු දෙනාගේ පී.සී.ආර්.පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව එම සියලුදෙනා ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.
එම කාර්යාලය අද දිනයේ (09) වසා තබා අද දිනයේ විෂබීජහරණය කිරීමෙන් අනතුරුව වෙනත් නිලධාරීන් කණ්ඩායමක් යොදවා නැවත සියලු කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
