ඉවුම් පිහුම්

අන්නාසි ජෑම්

* පොතු හා මැද නාරටිය ඉවත් කළ අන්නාසි
* අන්නාසි gram ගානට සමාන හෝ ඊට අඩුවෙන් සීනි
* දෙහි හෝ නාරං යුෂ තේ හැන්දක් දෙකක්

*ජෑම් එකේ අන්නාසි කෑලි හැපෙනවාට කැමති අයට පුලුවන් ඉතාමත් සිහින්ව කපා ගන්න. නැත්නම් වතුර නොදා බ්ලෙන්ඩර් කරන්න.
*මෙයට සීනි එක් කර කවලම් කරලා ටික වෙලාවක් තියන්න.
*සුදුසු භාජනයක දමා ලිපේ තියා කවලම් කරන්න. ගින්දර මධ්‍යම ප්‍රමාණයට වඩා ටිකක් වැඩියෙන් ගන්න.
* ටික වෙලාවක් යනකොට ජෑම් එක උඩ කහ පාටට පෙන වගේ එනවා. ඒවා පොඩි හැන්දකින් ඉවත් කරන්න.
* වි. 20-25 ක් වගේ යනකොට පදම හරි යනවා. දිගටම හැදි ගාන්න හැන්ද උඩට උස්සලා බලන්න. අන්තිම බිංදුව නූලක් වගේ ඇදෙනවාද කියලා.
*ඉන්පසු දෙහි යුෂ ටිකක් එක් කරලා තවත් විනාඩියක් දෙකක් තියන්න.
*ගොඩක් ඝන වෙනකන් තියන්න අවශ්‍ය නැහැ. තවරන්න බැරි වෙයි.

* ජෑම් එක හදන වෙලාවෙම බෝතල් ටිකත් ජීවානුහරණය කරන්න අවශ්‍යයි. නැත්නම් කල් තියා ගන්න බැහැ.
* නටන වතුරේ හොඳින් සෝදා පිරිසිදු කර ගත් වීදුරු බෝතල් ටිකත් මූඩි ටිකත් තම්බා ගන්න.
* බාපු ගමන්ම තෙත සර්වියට් එකක් උඩ බෝතල් ටික අනිත් පැත්ත හරවන්න. විනාඩියක් විතර තියන්න.
* රස්නෙ පිටින්ම අර බෝතල් උඩු අතට හරවලා ඉක්මනින්ම ජෑම් පුරවා ගන්න.
* රස්නෙ වතුරින් තෙමා ගත් ටිෂූ එකකින් බෝතලේ කට වටේ හොඳින් පිහිදා ගන්න.
* මූඩියෙන් හොඳින් තද කරලා ඉක්මණින්ම බෝතලේ අනිත් පැත්ත හරවන්න.
*වි. 5ක් තියන්න. ඉන්පසු අනිත් පැත්ත හරවලා රෙදි කඩකින් බෝතල් ටික ඔතලා කබඩ් එකකට වගේ දාලා පැය 24ක් තියන්න.
* ඊට පස්සෙ ශීතකරණයට දාලා මාස 6ක් උනත් කල් තියා ගන්න පුළුවන්.