Uncategorized

අන්නාසි සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

*කුඩා ප්‍රමාණයේ අන්නාසි ගෙඩි 1

*මධ්‍යම ප්‍රමාණයේ පිපිඤ්ඤා ගෙඩි 1

*තක්කාලි ගෙඩි 1

*බී ලූනු ගෙඩි 1

*කපාගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

*බැදගත් රටකජු ග්‍රෑම් 25

*දෙහි යුෂ තේ හැඳි 1

*කෑලි මිරිස් තේ හැඳි 1

*සීනි තේ හැඳි 1

*ලුණු හා ගම්මිරිස් රස පදමට

 

සාදන ක්‍රමය

*අන්නාසි ගෙඩිය හා පිපිඤ්ඤා ගෙඩිය පොතු හැර කුඩා කැබලිවලට කපාගන්න.

*තක්කාලි ගෙඩිය හා බී ලූනු ගෙඩියද කුඩා කොටු ආකාරයට කපාගන්න.

*දැන් කපාගත් සියල්ල බඳුනකට එක්කර, මිශ්‍රකර ලුණු ගම්මිරිස් හා දෙහි යුෂද පදමට දමාගන්න.

*ඉන්පසු බැදගත් රටකජු ටිකද ඊට එක්කර පිළිගන්වන්න.

**මෙය ආහාර රුචිය වඩවන රසවත් සලාදයකි.