ඉවුම් පිහුම්

සක්කර පොංගල්…

අවශ්‍ය ද්‍රව්‍ය…

කැකුළු සහල් කෝප්ප 1 ක්
මුං පියලි කෝප්ප 1/4 ක්
හකුරු 250g ක්
වතුර කෝප්ප 4 1/2 ක්
රත් කරන ලද කිරි කෝප්ප 1 ක්
එනසාල් කුඩු තේ හැඳි 1 ක්
ගිතෙල්
කජු
වියළි මිදි

සාදා ගන්නා ආකාරය ….

හකුරු 250g ක් ගෙන හොඳින් උණු කර මිශ්‍රණයක් සාදා ගන්න.
මුං පියලි ගෙන කබලේ බැදගන්න.
කැකුළු සහල් කෝප්පයක් භාජනයකට එක්කර එයට බැදගත් මුං පියලි හා වතුර එක්කර පිස ගන්න.
එම මිශ්‍රණයට රත් කරන ලද එළ කිරි කෝප්පයක්, උණුකර ගත් හකුරු හා එනසාල් එකතු කර පිසගන්න.
තවත් භාජනයක් ගෙන එයට ගිතෙල් එක්කර කජු ,වියළි මිදි දමා හොඳින් බැදගන්න.
බැදගත් කජු හා වියළි මිදී ,පිස ගත් පොංගල් බතට එක්කර ගන්න.