ඉවුම් පිහුම්

ඉස්සන් කිරි රසට

අවශ්‍ය ද්‍රව්‍ය

ඉස්සෝ (ඔලු කඩා, සුද්දකර, සෝදාගත්) 250g

ලූනු (පොඩියට කපාගත්) 30g

කරපිංචා (ලියාගත්) මේස හැඳි 1

අමුමිරිස් (කපාගත්) කරල් 3

රම්පේ අඟල් 1/2

සුදුලූනු තේ හැඳි 1

කුරුඳුපොතු අඟල් 1/2

කරි කුඩු තේ හැඳි 1 1/2

මිරිස් කුඩු තේ හැඳි 1

කහ කුඩු තේ හැඳි 1

අමුඉඟුරු තේ හැඳි 1/2

දියකිරි අඬුකෝප්ප 1 1/2

මිටිකිරි අඬුකෝප්ප 1/2

උලුහාල් (බැදගත්) තේ හැඳි 1/2

තක්කාලි (පොඩියට කපාගත්) 40g

මුරුංගා කොළ (සෝදා සූරාගත්) මේස හැඳි 1

ලුණු රස අනුව

 

සාදන ක්‍රමය

ඉස්සන් සුද්ද කරනවිට ඉවත් කරගත් ඉස්සන් ඔලු සෝදාගන්න.

කරපිංචා, අමුමිරිස්, සුදුලූනු, අමුඉඟුරු, ඉස්සන් ඔලු සමඟ අඹරාගන්න.

මිටිකිරි, මුරුංගා කොළ හැර අන් සියල්ල සමඟ අඹරාගත් මිශ්‍රණයට ඉස්සන්ද එකතු කර භාජනයකට දමා ලිප තබා උතුරන තුරු හැඳිගාන්න.

එයට මිටිකිරිද එක්කර තරමක් උතුරන විට ගින්දර නිවා මුරුංගා කොළ දමා හැඳිගාගන්න.

තරමක් නිවෙනතුරු හැඳිගාන්න.

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා