නවතම ප්‍රවෘත්ති

“පුංචි ධරණී” – පොඩි ලොක්කන්ගේ වැඩ හැඩ කරන තැන

උදාවන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද හා සමගාමීව ධරණී ඩිජිටල් අංශය ඔබ වෙත ගෙනෙන ‘පුංචි ධරණී – පොඩි ලොක්කන්ට ඩිජිටල් අවුරුදු’ වැඩසටහන අප්‍රේල් 20 වන දින සෙනසුරාදා උදෑසන 9 සිට ධරණී Facebook පිටුව හරහා සහ ධරණී YouTube නාලිකාව හරහා සජීවීව විකාශය වීමට නියමිතයි. 

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කාන්තා පුවත්පත ‘ධරණී’ පුරා වසර තුනක් තිස්සේ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට නවමු සන්නිවේදන අත්දැකීමක් සමීප කළේ ඩිජිටල් මාධ්‍ය හරහාද ඔබව ආමන්ත්‍රණය කරමින්. එහි තවත් පියවරක් වශයෙන් ‘පුංචි ධරණී’ පොඩි ලොක්කන්ට ඩිජිටල් අවුරුදු වැඩසටහන එළිදකිනවා. ශ්‍රී ලංකාවේ ගායනය, නර්තනය හා රංගනය යන ක්ෂේත්‍රවල පමණක් නොව සමාජ මාධ්‍ය හරහාද ජනප්‍රිය වූ දරුවන්ගේ සහභාගීත්වයෙන් පොඩි ලොක්කන්ට ඩිජිටල් අවුරුදු වැඩසටහන පැවැත්වෙන්නේ අවුරුදු ක්‍රීඩා සහ විචිත්‍රවත් ඉදිරිපත්කිරීම් රාශියක් ද සමඟයි. Facebook සහ YouTube ඔස්සේ වැඩසටහන නරඹන ප්‍රේක්ෂකයන්ටත් ආකර්ශණීය තෑගි දිනාගැනීමේ හැකියාව හිමිවෙනවා.

ධරණී ඩිජිටල් අවකාශයේ නවතම විශේෂාංගය ‘පුංචි ධරණී’ හරහා ඉදිරියේදී ශ්‍රී ලාංකික දුවා දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික සහ උසස් රසවින්දනාත්මක වැඩසටහන් රැසක් නිර්මාණය කිරීමට නියමිතයි.

මෙම වින්දනීය මාධ්‍ය අත්දැකීම සඳහා මැලිබන් සමූහ ව්‍යාපාරය, විෂන් කෙයාර්, එඩින්බරෝ, ඩොමිනෝස් සහ ග්ලැස්කොස්මිත්ක්ලයින් යන ආයතන සාඩම්බර අනුග්‍රහය දක්වනවා. ඔබත් ඔබේ දරුවන් සමඟ අප්‍රේල් 20 වන දින සෙනසුරාදා උදෑසන 9 සිට ධරණී Facebook පිටුව සහ YouTube නාලිකාව ඔස්සේ ‘පුංචි ධරණී’ සජීවීව නරඹන්න එකතු වෙන්න කියා අපි ආරාධනා කර සිටිනවා.