ඉවුම් පිහුම්

අමු කරවිල සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය

කරවිල 100g

රතුලූනු (කපාගත්) තේ හැඳි 2

අමුමිරිස් (කපාගත්) තේ හැඳි 2

උම්බලකඩ තේ හැඳි 2

ගම්මිරිස් කුඩු තේ හැඳි 2

ලුණු රස අනුව

පොල් අවශ්‍ය පමණ

 

සාදන ක්‍රමය

කරවිල ගෙඩිය පළා ඉතා කුඩා කැබලිවලට කපන්න.

මේ කැබලි ලුණු වතුරේ දමා සෝදා මිරිකා, නැවත ඇල් ජලය දමා සෝදා, මිරිකා ගන්න.

ඉන්පසු ගොටුකොළ සම්බෝලය සාදන ආකාරයට සියලු ද්‍රව්‍ය දමා සම්බෝලය සාදා අවසානයේ දෙහි ස්වල්පයක් එක් කරන්න.

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා