ඉවුම් පිහුම්

මුරුංගා කරල් මද මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය

මුරුංගා කරල් 500g

අමුමිරිස් කරල් 5

රතුලූනු ස්වල්පයක්

කරපිංචා ස්වල්පයක්

අබ ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

පොල්තෙල් අවශ්‍ය පමණ

පොල් (ගාගත්) අවශ්‍ය පමණ

උම්බලකඩ අවශ්‍ය පමණ

 

සාදන ක්‍රමය

මුරුංගා කරල් දෙකට පලා මදය හැන්දකින් සූරාගන්න.

සූරාගත් මද ටිකට අමුමිරිස්, රතුලූනු, කරපිංචා, ලුණු, ගම්මිරිස් කුඩු දමා හොඳින් අතගාන්න.

තෙල් ටික ලිප තබා රත් වනවිට අබ පුපුරවා, සාදාගත් මිශ්‍රණය එයට දමා හොඳින් තැම්බෙන්නට හරින්න.

ලිපෙන් බාගැනීමට මද වේලාවකට පෙර පොල් ටිකද දමා මැලවෙන්නට හරින්න.

ලිපෙන් බා මදක් නිවුණු පසු දෙහි ඇඹුල් ස්වල්පයක් මිරිකා කලවම් කර කෑමට ගන්න.

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා