Uncategorized

ගිරාපලා මාලුව

අවශ්‍ය ද්‍රව්‍ය

ගිරාපලා (කපා සෝදාගත්) 200g

ලූනු  50g

අමුමිරිස් (දිගට පලාගත්) කරල් 3

කෑලි මිරිස් මේස හැඳි 1

තෙල් මේස හැඳි 2

සුදුලූනු බික් 2

කූණිස්සන් මේස හැඳි 1

ලුණු රස අනුව

දෙහි ගෙඩි 1/2ක යුෂ

රම්පේ කැබැල්ලක්

කරපිංචා කිනිත්තක්

කුරුඳු පොතු කැබැල්ලක්

 

සාදන ක්‍රමය

ගිරාපලා සෝදා දිය බේරෙන්නට තබන්න.

තෙල් ලිප තබා ලූනු, කරපිංචා, කුරුඳු පොතු බැදෙන්නට හරින්න.

ඊළඟට එයට කෑලි මිරිස්, ලූණු දමා බැදෙන්නට හරින්න.

කොළ ටික එක්කොට දෙහි දමා කලවම් කරන්න.

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා