ඉවුම් පිහුම්

අලුකෙසෙල් අල පිට්ටු

අවශ්‍ය ද්‍රව්‍ය

අලුකෙසෙල් (වියළාගත්) 100g

පොල් (ගාගත්) 100g

හාල්පිටි 100g

පළා (සිහින්ව ලියාගත්) 50g

 

සාදන ක්‍රමය

සිහින්ව ලියා වේළාගත් අලුකෙසෙල් අල කොටා පිටි හලාගන්න.

එයට මදක් බැදගත් හාල්පිටි සහ පොල්, ලුණු, පලා එක්කර පිට්ටුවට අවශ්‍ය ආකාරයට පිටි ටික සකසාගන්න.

පිට්ටු බම්බුවකට දමා සාමාන්‍ය පිට්ටු සකසන ආකාරයට සකසගන්න.

ඉතා රසවත් වර්ණවත් ආහාරවේලකි.

*මෙය දියවැඩියා රෝගයට ඉතා සුදුසු බෙහෙතක් බවත්, ශරීරයට විෂක් ඇතුළු වූ විට සහ සර්පයින්ගේ විෂ සඳහා සුදුසු බවත් ආයුර්වේද පොතපතේ සඳහන් වේ.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා