ඉවුම් පිහුම්

අලුකෙසෙල් පොතු බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය

අලුකෙසෙල් පොතු 200g

අමුමිරිස් (කපාගත්) කරල් 2

කෑලි මිරිස් තේ හැඳි 1/2

තෙල් මේස හැඳි 2

උම්බලකඩ කුඩු මේස හැඳි 1/2

කුරුඳු පොතු කැබැල්ලක්

රම්පේ කැබැල්ලක්

කරපිංචා කිනිත්තක්

දෙහි ගෙඩියක යුෂ

කහ ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

 

සාදන ක්‍රමය

අලුකෙසෙල් පොතු සිහින්ව ලියාගන්න.

දෙහි සහ කහ මිශ්‍ර වතුරේ සෝදා දිය බේරෙන්නට හරින්න.

භාජනයකට තෙල් ටිකක් දමා ලිප තබා රත් වූ පසු රම්පේ, කරපිංචා, ලූනු, අමුමිරිස්, කුරුඳු පොතු දමා තරමක් බැදෙන්නට හරින්න.

කෑලි මිරිස්, ලුණු, උම්බලකඩ ඊටම එක්කොට විනාඩියක් පමණ බැදෙන්නට හරින්න.

එයට අලුකෙසෙල් පොතු ටික එක්කර තරමක් වේලා බැදෙන්නට හරින්න.

ලිප නිවා දෙහි එකතු කරන්න.

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා