ඉවුම් පිහුම්

මඤ්ඤොක්කා කොළ මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය

මඤ්ඤොක්කා කොළ 200g

ගාගත් පොල් 50g

ලූනු 30g

සුදුලූනු බික් 2

අමුමිරිස් කරල් 2

කහ කුඩු තේ හැඳි 3/4

අබ තේ හැඳි 1

ගම්මිරිස් ඇට 10

වියළි මිරිස් (කෑලි කඩාගත්) කරල් 2

උම්බලකඩ මේස හැඳි 1/2

තෙල් මේස හැඳි 1

කරපිංචා කිනිත්තක්

දෙහි ගෙඩියක යුෂ

ලුණු ස්වල්පයක්

 

සාදන ක්‍රමය

මඤ්ඤොක්කා කොළ නැට්ට ඉවත් කර සෝදා දිය හොඳින් බේරාගෙන සිහින්ව ලියාගන්න.

භාජනයක් ලිප තබා තෙල් දමා රත් වනවිට ලූනු බැදෙන්නට දමන්න.

එයට අබ, මිරිස් කැබලි එක් කරන්න.

තලාගත් පොල්වලට ලියාගත් කොළ මිශ්‍ර කර ලුණුත් සමඟ තෙම්පරාදු කරන්න.

වැඩි ගින්දරේ මලවාගන්න.

පසුව දෙහි යුෂ එක් කරන්න.

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා