ඉවුම් පිහුම්

දෙල් ගැට මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය

දෙල් ගැට ගෙඩි 4

පොල් (ගාගත්) 50g

ලූනු 30g

සුදුලූනු බික් 2

අමුමිරිස් කරල් 2

කහ කුඩු තේ හැඳි 1/2

ගම්මිරිස් ඇට 10

අබ තේ හැඳි 2

වතුර අඬුකෝප්ප 1/2

කරපිංචා කිනිත්තක්

දෙහි ගෙඩියක යුෂ

ලුණු රස අනුව

 

සාදන ක්‍රමය

දෙල් ගැටවල පොතු සුද්ද කර තරමකට කැට කපාගන්න.

දෙහි සහ කහ මිශ්‍ර වතුරේ හොඳින් සෝදාගන්න.

පොල්, කහ, සුදුලූනු, කරපිංචා, ගම්මිරිස්, අමු මිරිස් හොඳින් කොටා දෙහි සහ ලුණු මිශ්‍රකර අනාගන්න.

භාජනයකට තෙල් දමා ලිප තබා එයට ලූනු දමා බැදෙන්නට හරින්න.

දැන් ඊට අබ ටික දමා පුපුරන විට කපාගත් දෙල් කෑලිද එක්කර වතුර හා ලුණු ස්වල්පයක් දමා තැම්බෙන්නට හරින්න.

වතුර හිඳීගෙන එනවිට ඉහත පොල් මිශ්‍රණය උඩින් තුනීකර මදගින්නේ තම්බාගෙන දිය සිඳුනාට පසු කලවම් කර රස බලන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා