ඉවුම් පිහුම්

කොස් ඇට කළුපොල් මාලුව

අවශ්‍ය ද්‍රව්‍ය

කොස් ඇට 500g

ගම්මිරිස් තේ හැඳි 1

මිරිස් කුඩු තේ හැඳි 4

තුනපහ කුඩු තේ හැඳි 2

කහ ස්වල්පයක්

හාල් ස්වල්පයක්

පොල් ස්වල්පයක්

ලුණු රස අනුව

සුදුලූනු අවශ්‍ය පමණ

රම්පේ කැබැල්ලක්

කරපිංචා කිනිත්තක්

සියඹලා ස්වල්පයක්

 

සාදන ක්‍රමය

කොස් ඇට සෝදා, සියඹලා ස්වල්පයක් එකතු කර පොතු පුපුරනතුරු තම්බාගන්න.

පොතු ඉවත් නොවන ලෙස ගලේ දමා තරමක් තලාගන්න.

පොල් ස්වල්පයක් හා හාල් ස්වල්පයක් රන්වන් පාට වනතුරු බැදගන්න.

බැදගත් හාල් පොල්වලට, සුදුලූනු, ගම්මිරිස් එකතු කර සිහින් වෙන්න අඹරාගන්න.

ඉන්පසු අඹරාගත් සියල්ල පොල්කිරිවලට මිශ්‍ර කර, එයට තලාගත් කොස් ඇට, මිරිස් කුඩු, තුනපහ, රම්පේ, කරපිංචා, ලුණු දමා හොඳින් කලවම් කර, ලිපේ තබා ඉස්ම හිඳෙනතුරු මද ගින්න පිසගන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා