ඉවුම් පිහුම්

වම්බටු සහ කරවල ව්‍යාංජනය

අවශ්‍ය ද්‍රව්‍ය

වම්බටු 200g

මාලුමිරිස් (ලොකු කෑලි කපාගත්)  30g

තක්කාලි (ලොකු කෑලි කපාගත්) 30g

කරවල (කට්ට කරවල/බල කරවල) 100g

රතු ලූනු 40g

සුදුලූනු බික් 4

අමුමිරිස් (කපාගත්) කරල් 4

කරි කුඩු මේස හැඳි 1/2

මිරිස් කුඩු තේ හැඳි 1/4

කහ කුඩු තේ හැඳි 1/4

මිටිකිරි අඬුකෝප්ප 1

දියකිරි අඬුකෝප්ප 1/2

රම්පේ කැබැල්ලක්

කරපිංචා කිනිත්තක්

කුරුඳු පොතු කැබැල්ලක්

අවශ්‍ය නම් ලුණු

 

සාදන ක්‍රමය

වම්බටු සෝදා අඟල් 1/2ක් ඝනකමට හා 1 1/2ක් දිගට කපාගන්න.

කරවල පොඩියට කපාගන්න.

මේ සියල්ල එකට දමා උතුරුවා මද ගින්නේ තම්බාගන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා