ඉවුම් පිහුම්

සිඳුවාගත් තුඹ ව්‍යාංජනය

අවශ්‍ය ද්‍රව්‍ය

ළපටි තුඹ 200g

රතුලූනු (ලියාගත්) 20g

අමුමිරිස් (ලියාගත්) කරල් 3

සුදුලූනු බික් 3

කරි කුඩු මේස හැඳි 1/2

කහ කුඩු මේස හැඳි 1/4

උම්බලකඩ මේස හැඳි 1

උළුහාල් ඇට 10

මිටිකිරි අඬුකෝප්ප 1 1/2

තක්කාලි (සිහින්ව කපාගත්) ගෙඩි 1

කරපිංචා

කුරුඳු පොතු කැබැල්ලක්

ලුණු රස අනුව

 

සාදන ක්‍රමය

තුඹ සෝදා හතරට කපාගන්න.

එයට ඉහත සඳහන් ද්‍රව්‍ය සියල්ල දමා මද ගින්නේ ඉස්ම හිඳෙනතුරු පිසගන්න.

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා