ඉවුම් පිහුම්

ගස්ලබු මාලුව

අවශ්‍ය ද්‍රව්‍ය

ගස්ලබු (බාගෙට ඉදුණු) 250g

මුං පරිප්පු (බැද කුඩු කරගත්) 50g

රතුලූනු (සිහින්ව කපාගත්) 30g

සුදුලූනු (හතරට පළාගත්) තේ හැඳි 1

අමුමිරිස් (හතරට පළාගත්) කරල් 3

කරපිංචා (සිහින්ව කපාගත්) මේස හැඳි 1

රම්පේ (ලියාගත්) තේ හැඳි 1

කුරුඳු පොතු අඟල් 1/4

උළුහාල් (බැදගත්) තේ හැඳි 1

අබ තේ හැඳි 1/2

දියකිරි අඬුකෝප්ප 2

මිටිකිරි අඬුකෝප්ප 1/2

තෙල් මේස හැඳි 2

ලුණු රස අනුව

 

සාදන ක්‍රමය

භාජනයක් ලිප තබා තෙල් වත්කර, අබ දමන්න.

අබ බැදෙනවිට ලූනු, රම්පේ, කරපිංචා, කුරුඳු පොතු, අමුමිරිස් සහ සුදුලූනු දමා බැදෙන්න හරින්න.

ඉන්පසු එයට මිරිස්කුඩු, කහකුඩු, කරිකුඩු හා ලුණු දමා බැදෙන්න හැර දියකිරි දමන්න.

එයට ගස්ලබු එකතු කරන්න.

බාගෙට තැම්බෙනවිට මිටිකිරිවලට මුං පරිප්පු එක්කර ව්‍යාංජනයට දමා තැම්බෙන්නට හරින්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා