ඉවුම් පිහුම්

වැටකොලු සෝතේ

අවශ්‍ය ද්‍රව්‍ය

ළපටි වැටකොළු 600g

ලූනු (පොඩියට කපාගත්) 50g

සුදුලූනු (පොඩියට කපාගත්) තේ හැඳි 1

බටර් මේස හැඳි 1

ගම්මිරිස් රස අනුව

ලුණු රස අනුව

 

සාදන ක්‍රමය

වැටකොළු නාරටිය පමණක් සුද්දකර අඟල් 1/4 හරහට පෙති කපාගන්න.

භාජනයක් ලිප තබා බටර් එක්කර ලූනු, සුදුලූනු සමඟ තරමක් බැදෙන්න හරින්න.

මෙයට ලුණු, ගම්මිරිස් දමා එයට වැටකොළු එක්කර දෙපැත්ත හරවමින් යන්තමින් තත්පර 30ක් ඇතුළත ග්‍රිල් කරගන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා