ඉවුම් පිහුම්

මෝර මාළු කළු පොලට

අවශ්‍ය ද්‍රව්‍ය

මෝර මාළු 250g

අමුමිරිස් කරල් 2

සුදුලූනු (කපාගත්) තේ හැඳි 1

අමුඉඟුරු (කපාගත්) තේ හැඳි 1/2

කරපිංචා (කපාගත්) මේස හැඳි 1

කරි කුඩු තේ හැඳි 1

මිරිස් කුඩු තේ හැඳි 1

ගම්මිරිස් කුඩු තේ හැඳි 1

කහ කුඩු තේ හැඳි 1/2

පොල් (ගාගෙන බැදගත්) මේස හැඳි 1

පරිප්පු කුඩු (බැදගත්) මේස හැඳි 1/2

ගොරකා 30g

මිටිකිරි අඬුකෝප්ප 1/2

ලුණු රස අනුව

 

සාදන ක්‍රමය

මෝර මාළු, මිටිකිරි, බැදගත් පොල්, පරිප්පු කුඩු හැර අන් සියල්ල එකට අඹරාගන්න.

බැදගත් පොල්, මිටිකිරි සමඟ බ්ලෙන්ඩ් කරගන්න.

අඹරාගත් සියලු දේ (බ්ලෙන්ඩ් කරගත්) මිශ්‍ර කර, මිටිකිරි හැර මෝර මාළුවලට දමා වතුර අඬුකෝප්පයක්ද එක්කර ගන්න.

එයට ලුණු එකතු කර ලිප තබා උතුරන විට ගින්දර අඩු කරන්න.

මාළු හොඳින් තැම්බුණාට පසු බ්ලෙන්ඩ් කරගත් දෑ සමඟ පරිප්පු කුඩු එකතු කර උතුරනතුරු තබා ලිපෙන් බාගන්න.

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා