ඉවුම් පිහුම්

හතු ආනම

අවශ්‍ය ද්‍රව්‍ය

ඇබලෝනි හතු 300g

ලූනු (සිහින්ව ලියාගත්) 30g

සුදුලූනු (සිහින්ව ලියාගත්) තේ හැඳි 1

තක්කාලි (පොඩියට කපාගත්) 50g

අමුමිරිස් (පොඩියට කපාගත්) කරල් 3

කරපිංචා (කපාගත්) මේස හැඳි 1

කහ කුඩු තේ හැඳි 1/2

කරි කුඩු තේ හැඳි 1

මිරිස් කුඩු තේ හැඳි 1

කුරුඳු පොතු (පොඩි කරගත්) අඟල් 1/2

කුරක්කන් පිටි මේස හැඳි 1

වතුර අඬුකෝප්ප 2

ලුණු රස අනුව

 

සාදන ක්‍රමය

ඇබලෝනි හතු කඩල ඇටයක ප්‍රමාණයට කැබලි කපාගන්න.

කුරක්කන් පිටි හැර අන් සියල්ල භාජනයකට දමා එය ලිප මත තබන්න.

තරමක් සිඳිගෙන එනවිට කුරක්කන් පිටි, වතුර මේස හැඳි දෙකකට දිය කරගන්න.

ඉන්පසු එය හතු මිශ්‍රණයට එකතු කර හොඳින් හැඳිගාන්න.

කුරක්කන් පිටි තැම්බී දුඹුරු පැහැ වනතුරු මද ගින්දරේ තම්බාගන්න.

**මෙය කුරක්කන් තලප සමඟ කෑමට ගත හැකිය.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා