ඉවුම් පිහුම්

පරිප්පු වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය

පරිප්පු 500g

ලූනු (පොඩියට කැපූ) 50g

අමුමිරිස් (පොඩියට කැපූ) කරල් 3

කරපිංචා (පොඩියට කැපූ) කිනිති 2

කෑලිමිරිස් මේස හැඳි 1

උම්බලකඩ (හීනියට කොටාගත්) මේස හැඳි 3

තෙල් 1/2L

ලුණු

 

සාදන ක්‍රමය

පරිප්පු ගරා සෝදා පැය 2ක් පමණ පෙඟෙන්නට තබා වතුර පෙරාගන්න.

අනතුරුව සියලු ද්‍රව්‍ය පරිප්පුවලට එක්කොට කැබලි සිටින ලෙස කොටාගන්න.

දැන් පොඩි බෝල සාදා තරමක් තුනීයට අතින් තදකොට ගැඹුරු තෙලේ මද ගින්නේ බැදගන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා